Wednesday, November 23, 2011

ලස්සන සිංදුවක්...(මේකලා ගමගේ ගීතයක්)

අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා
අහන් ඉන්න අහගෙන ඉන්න මගේ හිත මොනවද මුමුණනවා


යාය පුරා නෙක නෙක පාටින් මෘදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සක සීතල ඇවිදින් හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින් සුවද බෙදනවා
ඒ සුවදින් මගේ හුස්ම රටා මැවෙනවා


සිලිසිලියේ හමන සුලග කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන දහසක් තරැ කැට නුඔටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය මගේමයි මටමයි

Saturday, November 19, 2011

ආදරෙයි මතු මතුත් රත්තරං ඔය හිතට...

love
ලියන්නෙමි හැම භවයකම .....
සෙනෙහෙ කවි නුබෙ නමට....
පතන්නෙමි හැම භවයකම....
හමුවන්න ඔබ මට....
නොයන්නෙමි කිසි දිනක...
හැර දමා වෙනතකට...
ආදරෙයි මතු මතුත් රත්තරං ඔය හිතට....

Friday, November 18, 2011

අහිමි ආදරයක්....



ඔබ නැතිව වෙලාවකට මට පාලුවක් දැනෙනවා...
ඔබ ගැන වැඩියෙන් ආදරේ .....
හිතෙනකොට මම හෙමිහිට අඩනවා...
ඔබ ළග නොමැත්ව දිවි ගෙවනකොට...
සොයාගෙන ඔබව එන්න හිතෙනවා...
කොයිතරමි දුර ආවත්....
මහට ඔබව අහිමියි කියලා හිතෙනවා....
එහෙම හිතෙනකොට....
මුලු ලොවම දමා යන්න හිතෙනවා.....


නමුත්...............


ඔබ මට කවදා හරි හිමි වුනොත්.....
ඔබව අයදින්න මගේ හිත ලතැවෙනවා.....

අදුරැ මතකයන්...


මවකගේ පිවිතුරැ සෙනෙහස පැතුවෙමි....
මවගේ තුරැලේ නිදන්න පැතුවෙමි....
ඇය දුන් බත්රස විදින්න පැතුවෙමි...
ඇගේ කිරි සුවද විදින්න පැතුවෙමි....
                                                                                 
පියකුගේ දැඩි රැකවරණය පැතුවෙමි...
ඔහු තුල ඇති දරැ සෙනෙහස පැතුවෙමි...
දෙමව්පියන්ගේ ආදරේ පැතුවෙමි...
හොද පවුලක ඇති සමගිය පැතුවෙමි...



සැමදා නොබිදෙන මිතුදම පැතුවෙමි...
යහඵ යෙහෙලියන් ගණනක් පැතුවෙමි...
ඉන් සැම කෙනෙකුගේ සෙනෙහස පැතුවෙමි...



සදාකල් රැදෙන ඇදරේ පැතුවෙමි...
කිසිදා නොබිදෙන පවුරක් පැතුවෙමි....
ආදරේ සෙනෙහස ලැබෙන්න පැතුවෙමි...
කරැණා දයාව ලැබෙන්න පැතුවෙමි...


මවකගේ සෙනෙහස ඔහුගෙන් පැතුවෙමි...
පියකුගේ සෙනෙහස ඔහුගෙන් පැතුවෙමි...
ඔහු ළගින්ම මම හිදින්න පැතුවෙමි...

    මුලු හදින්ම ඔහු ලැබෙන්න පැතුවෙමි...
    ඔහුගේ පෙම මට විතරක් පැතුවෙමි...

මේ කිසිවක් මට නොලැබුනෙමි...
දිවියේ කිසිවක් නොලැබුනෙමි....
ආදරේ කිසිදා නොලැබුවෙමි...
අවසන් වශයෙන් ...


මරණය..... මරණය...... මරණය..... පැතුවෙමි
මරණෙත් මා හට නොලැබුනෙමි.....

Wednesday, November 16, 2011

ආදරය කියු තරම්......

නුඔ අයිති නැති බව දැන දැනත් නුඔට ආදරය කෙරැ තරම්


නුබෙ පුංචි වෙනසකටත් මගේ හිත ගැස්සෙන තරම්


නුබෙ පුංචි හිනාවකටත් නුඔට නොපෙනුනත් මම හිනාවෙන තරම්


නුබෙ පුංචි කදුලකටත් මම නුබට වඩා හඩන තරම්


නුබ කතා නොකරපු එක් මොහොතක් මගේ හිත නුබව සොයන කාලය තරම්


නුබ හමුවු දා සිට නොනිදා කාලය ගෙවු තරම්


නුබට වඩා මම නුබ ගැන සොයන තරම්


මතකද රත්තරං මං ආදරය කියු තරම්