Wednesday, November 16, 2011

ආදරය කියු තරම්......

නුඔ අයිති නැති බව දැන දැනත් නුඔට ආදරය කෙරැ තරම්


නුබෙ පුංචි වෙනසකටත් මගේ හිත ගැස්සෙන තරම්


නුබෙ පුංචි හිනාවකටත් නුඔට නොපෙනුනත් මම හිනාවෙන තරම්


නුබෙ පුංචි කදුලකටත් මම නුබට වඩා හඩන තරම්


නුබ කතා නොකරපු එක් මොහොතක් මගේ හිත නුබව සොයන කාලය තරම්


නුබ හමුවු දා සිට නොනිදා කාලය ගෙවු තරම්


නුබට වඩා මම නුබ ගැන සොයන තරම්


මතකද රත්තරං මං ආදරය කියු තරම්







2 comments:

  1. ඔයාගෙ අදහස් ගොඩාක් ලස්සනයි සංසාරී......

    ReplyDelete
  2. ගොඩක් ලස්සන අදහසක් !!!

    ReplyDelete