Friday, November 18, 2011

අදුරැ මතකයන්...


මවකගේ පිවිතුරැ සෙනෙහස පැතුවෙමි....
මවගේ තුරැලේ නිදන්න පැතුවෙමි....
ඇය දුන් බත්රස විදින්න පැතුවෙමි...
ඇගේ කිරි සුවද විදින්න පැතුවෙමි....
                                                                                 
පියකුගේ දැඩි රැකවරණය පැතුවෙමි...
ඔහු තුල ඇති දරැ සෙනෙහස පැතුවෙමි...
දෙමව්පියන්ගේ ආදරේ පැතුවෙමි...
හොද පවුලක ඇති සමගිය පැතුවෙමි...



සැමදා නොබිදෙන මිතුදම පැතුවෙමි...
යහඵ යෙහෙලියන් ගණනක් පැතුවෙමි...
ඉන් සැම කෙනෙකුගේ සෙනෙහස පැතුවෙමි...



සදාකල් රැදෙන ඇදරේ පැතුවෙමි...
කිසිදා නොබිදෙන පවුරක් පැතුවෙමි....
ආදරේ සෙනෙහස ලැබෙන්න පැතුවෙමි...
කරැණා දයාව ලැබෙන්න පැතුවෙමි...


මවකගේ සෙනෙහස ඔහුගෙන් පැතුවෙමි...
පියකුගේ සෙනෙහස ඔහුගෙන් පැතුවෙමි...
ඔහු ළගින්ම මම හිදින්න පැතුවෙමි...

    මුලු හදින්ම ඔහු ලැබෙන්න පැතුවෙමි...
    ඔහුගේ පෙම මට විතරක් පැතුවෙමි...

මේ කිසිවක් මට නොලැබුනෙමි...
දිවියේ කිසිවක් නොලැබුනෙමි....
ආදරේ කිසිදා නොලැබුවෙමි...
අවසන් වශයෙන් ...


මරණය..... මරණය...... මරණය..... පැතුවෙමි
මරණෙත් මා හට නොලැබුනෙමි.....

3 comments:

  1. ගොඩාක් අහිමිවීම හමුවේ එක හිමි වීමක් හරි තියේවි කියලා හිතෙනවා !!!

    ReplyDelete
  2. මේ හැම වචනයක් ලොකු දුකක් තියනවා කියලා මට හිතෙන්නෙ..

    ReplyDelete
  3. පුදුමේ කියන්නේ හැම දෙයක්ම හිමි වන්නනේ මට අහිමි උනාට පස්සේ...

    ReplyDelete